4th Street Bar Hive-Bar

Hive-Bar Powered by Hive beta-fdb5b5b

Community post

Panthera Pardus Kotiya

යුරෝපය කාර්මික විප්ලවය වැනි සිදුවීම් ඔස්සේ් ධනවත් රාජ්‍යයන් බවට පත් වූ අතර ඒ සමඟ සිදු වූ පරිසර හානියද අතිමහත්ය.දැන් ඔවුනට නැරඹීමට තරම් ස්වභාවික පරිසරයක් නොමැත.ඇත්තේ නම් ඒ රටවල් කිහිපයකට පමණි.ඔවුන් දැන් නරඹන්නේ වෙනත් රටවල්වල අලංකාරයයි.ඒ මුදල් වියදම් කර විදෙස් සංචාර යාමෙනි.

          ශ්‍රී ලංකාව දියුණු වෙමින් පවතින රටක් වන අතර සැලකිය යුතු තරම් අඟනා අලංකාර ස්වභාවික පරිසරයක් ඇත.දියුණුව යැයි පවසමින් මිනිස් ජනාවාස ඉදිකිරීම,මංමාවත් ඉදිකිරීම ආදිය අක්‍රමවත් ලෙසත් පටු අදහස් හා අරමුණු ඔස්සේ සිදුකිරීමත් නිසා සිදුවන වන විනාශය අතිමහත්ය.

          මේ ඔස්සේ සතුන්⁣ට ජීවත්වීමට වාසස්ථාන අහිමි වන අතර ඔවුන් ගම් වැදීම දැන් දැන් බහුලව සිදුවේ.නමුත් එවැනි සිදුවීම් සඳහා පැලැස්තර ඇලවීම මිස තිරසාර විසඳුම් සෙවීමට තරම් පාලකයන්ගේ ද ජනතා⁣වගේද ආකල්ප දියුණු නැත.

          විල්පත්තුව වන විනාශය,නකල්ස් වන විනාශය,ගල්ගමුවේ දළ පූට්ටුවා ඝාතනය,ආසන්නතම සිදුවීම කිලිනොච්චියේදී දිවියෙකු අමානුෂික ලෙස ඝාතනය කීරිම ආදිය සිදු වූ හානිවලින් හෙලි වූ ඒවා පමණකි.සිදුවන හානිය ඊට වඩා දස දහස් ගුණයකින් වැඩි ය.

මේ සඳහා ගත යුතු පියවර මොනවාද??සිදුකළ යුත්තේ කුමක්ද? තීරණය ඔබ සතුයි...

          © CM [2018.06.22]

1 upvotes $0.00

Replies (2)

Review before signing

Posting as . Signing with . Keychain permission: Posting. Hive Keychain will ask you to approve this action next.


  
Technical details

Operation fingerprint: