4th Street Bar Hive-Bar

Hive-Bar Powered by Hive beta-fdb5b5b

Community post

ස්වයං වින්දනය

සෑම දිනකම ස්වයං වින්දනයේ
යෙදෙන පුද්ගලයන්ට පුරස්ථී
ග්රන්ථීය ආශ්රිත පිළිකා
ඇතිවීමේ අවධානම අඩු බව
විශේෂඥයන් පවසයි.
ස්වයං වින්දනය සහ පුරස්ථී
ග්රන්ථීයේ වැළෙක්ෂන පිළිකා
ආශ්රිතව සිදුකළ අධ්යනයකින්
අනතුරුව අනාවරණය වී
ඇත්තේ වයස අවුරුදු 40ත් 49ත්
අතර පිරිමින්ගෙන් මාසයකට
අවම වශයෙන් 21ක් වතාවක්
වත් ස්වයං වින්දනයේ යෙදෙන
පිරිමින්ට මාසයකට හතර පස්
වතාවක් ස්වයං වින්දනයේ
යෙදෙන පිරිමින්ට වඩා පුරස්ථී
ග්රන්ථී පිළිකා ඇතිවීමේ අඩු
අවධානමක් පවතින බවයි.
මේ පරීක්ෂණය සඳහා හාවර්ඞ්
විශ්ව විද්යාලයේ වෛද්ය
ඒකකය වසර 18ක් පුරා
පිරිමින් 32000ක් පමණ
යොදාගෙන තිබේ. පරීක්ෂණය
කරන අතරතුර පවා
පරීක්ෂණයට යොදාගත්
පිරිසෙන් පුද්ගලයන් 3038ට
පුරස්ථී ග්රන්ථී පිළිකා වැළඳී
ඇත.
මේ අනුව අනාවරණය වී
ඇත්තේ සාමාන්යයෙන් ස්වයං
වින්දනයේ වැඩිපුර යෙදෙන
පිරිමියෙකුට එම අවධානම අඩු
බවයි. මීට අමතරව ජිවන
විලාසය සහ ආහාර රටාවද
අනුව මෙහි වෙනසක් සිදු විය
හැක.
මේ වනවිට මේ විශේෂඥ
පිරිසගේ අවධානය යොමුව
ඇත්තේ ස්වයං වින්දනයේ
යෙදෙන්නන් සඳහා පුරස්ථී
ග්රන්ථී ආශ්රිත පිළිකා ඇති
නොවීමට බලපාන හේතුව
සොයා බැලීම සඳහායි.
පිරිමින් අතර දක්නට ලැබෙන
පිළිකා වර්ග අතරින් පුරස්ථී
ග්රන්ථී ආශ්රිත පිළිකාව
ප්රධාන තැනක් ගනියි.
වාර්තාවන්ට අනුව ඇමරිකාව
තුල පමණක් වසරකට
40000ක් පමණ මෙම
රෝගයට අලූතින් ගොදුරු වේ.
මෙම පිළිකා වර්ගය ඉතා
සෙමෙන් වැඩෙන අතර
මුත්රාමාර්ගයේ අපහසුතා වලදී
හඳුනා ගැනීමට හැකියි.

10 upvotes $0.00

Replies (7)

Review before signing

Posting as . Signing with . Keychain permission: Posting. Hive Keychain will ask you to approve this action next.


  
Technical details

Operation fingerprint: