4th Street Bar Hive-Bar

Hive-Bar Powered by Hive beta-fdb5b5b

Community post

ජෙට් ක‍්‍රමයට ඔබටත් ඉගිල්ලෙන්න පුළුවන්!

ප‍්‍රංශ ජාතික නිර්මාණකරුවකු වූ ෆ්රැන්කි ශපාටා වාහන තදබදයට අලූත් පිළියමක් ලෙස නව නිපැයුමක් ඉදිරිපත් කර තිබෙනවා. එය ජෙට් ප‍්‍රචාලන ක‍්‍රමය යොදා ගෙන ‘පියසැරි ලෑල්ලක්’ මගින් අහසින් යන ක‍්‍රමයක්.

පසුගියදා ඇමෙරිකාවේ ටෙක්සාස් හිදී මෙම ක‍්‍රමය යොදා ගෙන නියමුවන් දස දෙනකු භාවිත කරමින් ගුවන් සන්දර්ශනයක් ද පවත්වනු ලැබුවා.

ඊස්ෆ්ලියි (Ezfly) යනුවෙන් හඳුන්වා ඇති අපූරු යානය පදවන අයකුට පැයට කි.මී 130ක (පැ.හැ.80ක) උපරිම වේගයකින් අහසින් යන්න පුළුවන්.

කලින් නිපදවන ලද පියසැරි පුවරුවට ආරක්ෂක පටි යොදා තිබුණත් මේකට එහෙම දෙයක් යොදා නෑ. ඔබේ සිරුරේ බරින් තමයි මෙහි පාලනය සිදු කෙරෙන්නේ.

මෝටර් සයිකලයකින් වැඩට යන අය සිට වැඩ කටයුතු කිරීමට අනාගතයේ දී මෙම පියසැරි ලෑල්ල යොදා ගන්නවා නිසැකයි.

මෝටර්සයිකලයක වාගේ අල්ලා ගන්න පොලූ දෙකක් ඔබ සිටගෙන සිටින පුවරුවේ සිට ඉහළට විහිදෙනවා. පුවරුවේ අඩියේ ජෙට් ප‍්‍රචාලන පෙළක් සවි කර තියෙනවා. ඒවායින් තමා ඔබව ඉහළට රැගෙන යන්නේ.

දැනටමත් ඇමෙරිකන් හමුදාව මේ කැමැත්ත පළ කර තියෙනවා. ඔවුන්ගේ නිරීක්ෂණ කටයුතුවලට අනාගතයේ දී ප‍්‍රයෝජනවත් විය හැකි මෙවලමක් ලෙසි ඔවුන් මෙය දකින්නේ.

එහෙත් මෙහි නිමැවුම්කරු සිතන්නේ මෙය අනාගතයේ දී පුද්ගලික ගුවන් ගමන්වල පෙරළියක් ඇති කරාවි කියලයි.

මෙය සඵල වෙතැයි කවුරුන්වත් මෙතෙක් කලක් නොසිතූ දෙයක්. අනාගතයේ එන රථවාහන තදබදයටත් මෙය හොඳ විසඳුමක් වේවි.

මීට වසර දෙකකට පෙර ඔහු මුල්වරට මෙය අත්හදා බලද්දී ප‍්‍රංශ අත්ලාන්තික් වෙරළබඩ නගරයක් වූ සුසේලේ පින්ස් හිදී ශපාටා මීටර් 2252කක දුරක් එනම් අඩි 7388ක දුරක් පියාසර කර පෙන්වූ විට දුටුවන් මවිතයට පත් වුණා.

මේ අපූරු උපකරණයට කි.මී. 3ක් එනම් අඩි 10000ක් ඉහළින් පියාසර කළ හැකියි.

වායු ජෙට් ප‍්‍රචාලන ක‍්‍රමය යොදාගෙන නිපදවා ඇති ඊස්ෆ්ලයි කියා හැඳින්වෙන මෙම නව යානය තැනූ ෆ්?න්ක් ශපාටා මීට කලින් මෙවැනි ම යානයක් ජල ප‍්‍රචාලන ක‍්‍රමයක් යොදා ගෙන තනා ලෝක ප‍්‍රසිද්ධියට පත් ව සිටියා.

ශපාටාගේ මෙම නව නිපැයුමට ගුවනේ යා හැකි උපරිම වේගය පැයකට කිලෝ මීටර 130ක් එනම් පැයට සැතැපුම් 80ක් කියලයි කියන්නෙ.

පසුගිය වසරේ ෆ්රෑන්ක් ශපාටා ඇමෙරිකාවේ ටෙක්සාස්හි දී නියමුවන් දස දෙනකු යොදා ගෙන ගුවන් සන්දර්ශනයක් පැවැත්තුවා. ඉහගින් දැක්වෙන්නේ එහි සේයා රුවක්.

මේ නව ගුවන් යානය පැලනය කිරීමට විශේෂ පුහුණුවක් අවශ්‍ය වන්නේ නැහැ. සුළු පුහුණුවකින් පහසුවෙන් ම ඕනෑම කෙනෙකුට මෙය පදවාගෙන අහසින් යා හැකියි.‘

මෙය පසුගිය සන්දර්ශනවල දී දුටුවන් මවිත කළ බවට වාර්තා වෙනවා.

මෙම අපූරු නිමැවුමට දැනටමත් ඇමරිකනු හමුදාවේ ඇස යොමුවෙලා. මෙය පරිසරයේ නිරීක්ෂණ කටයුතුවලට යොදා ගන්නටයි ඔවුන්ගේ බලාපොරොත්තුව.

මෙය පැදවීම ඉතා පහසුවෙන් කළ හැක්කක් ලෙසයි නිමැවුම්කරු කියන්නේ. සිරුරේ බරින් මෙය පහසුවෙන් ම මෙහෙය විය හැකි බවයි ඔහු කියන්නේ.

උපුටා ගැනීම malkakulu .com

0.jpg

4 upvotes $0.00

Replies (8)

Review before signing

Posting as . Signing with . Keychain permission: Posting. Hive Keychain will ask you to approve this action next.


  
Technical details

Operation fingerprint: